මතකයිද? පොන්ටින් කට් එක? මම කිව්වෙ පොන්ටින්ගෙ රැවුල් ස්ටයිල් එක.. ඒක අපේ 1996 ලෝක කුසලානය හා ඒ දවස්වල අපේ කටවල් වල තිබ්බ එකක්, ඕන් ඔය තිනේනේ... ඒ දවස්වල ඔහොම රැවුලක් දැක්කොත් ඒ පොන්ටින් කට් එක. අපි ඉස්කෝලෙ 7-8 වසර විතර නිසා රැවුල තිබුන එකෙක් වත් හිටියද මන්ද. ඒත් සමහර කොලේලො ඔය ස්ටයිල් එකෙන් රැව්ල කපන් එනකොට අපි කිව්වෙ පොන්ටින් කියල. ඒ තරහටත් එක්කද මන්ද....
කොහොම හරි අද දවසේ රිකී පොන්ටින්ගේ එක්දින තරග වලින් සමුගැනීම ප්‍රකාශ කරලා. මම ගොඩාක් අගය කරන ක්‍රීඩකයෙක්. ක්‍රීඩාවට ඇවිත් වසර 3ක් යත්දී අසාර්තක්වයට පත් වෙන පොන්ටින් බේබද්දෙක්, සූදු කාරයෙක් වෙලා හිටිය. මේ සියල්ල බිදගෙන උත්සාහයෙන් නැවත් පිටියට එන පොන්ටින් දක්ෂතාවයේ උපරිමයට පැමිණෙවා. ඒත් සමගම ස්‍ටීව් වෝ ගෙන් ගිලිහෙන නායකත්වය ඔහුට පැවරෙනවා. උපනායකත්වයට ඇඩම් ගිල්ක්‍රිස්ට් පත්වෙනවා. පළමු තරගාවලිය වන දකුණු අප්‍රිකානු එක්දින තරඟාවලිය ජය ගැනීමටත් පොංටින් සමත් වෙනවා.
ඒ සමගම එක්දින ලෝක කුසලාන දෙකක් පිට පිට ඕස්ට්‍රේලියාවට හිමිකර දීමටත් එමගින් තෙවරක් පිට පිටම ක්‍රිකට් ලෝක කුසලානය දිනූ රට බවට ඕස්ට්‍රේලියාව පත් කරමින්.
දැනට ටෙස්ට් තරගවල ලකුණු 13,200 ක් හා එක්දින තරඟ 375 දී ලකුණු 100 අවස්ථා 30ක්, 50 ඉනිම 82ක් හතරේ පහරවල් 1231 හා හයේ පහරවල් 162ක් සමඟින් මුලු ලකුණු 13,704 ක් ලබා සිටින පොන්ටින් ලොව සිටින තාක්ෂණික පිතිකරුවන් අතරින් හොඳම පිතිකරුවකුද වනවා. දැනට එක්දින ලකුණු වලින් ලොව එදාමෙදා තුර අංක 2 ස්ථානයට පැමීණීමටත් රිකී පොන්ටින්ට හැකි වුනා.
වසර 1996 ලෝක කුසලානය දිනා එක්දින ලොව උඩුයටිකුරු කල අපේ ජයසූරිය ඔහුගේ අවසන් ඕස්ට්‍රේලියා තරඟ සංචාරයට වූ 2008 ඕස්ට්‍රේලියා සංචාරයට එක්වන විට ඔහුට පිටිය තුල දිය හැකි උපරිම සැලකීම වූ "ගෞරවාරක්ෂාව" (guard of honor) ලබාදීමට තම පිලත් සමඟ කටයුතු කිරීමෙන් ඔහුගේ මහත්මා ගතියද අපට දැකගන්නට පුලුවන්. ලොව කිසිදු එක්දින කණ්ඩායමක් මෙලෙස වෙනත් ක්‍රීඩකයෙකුට මෙම ගෞරවය ලබාදෙනවා දැකීමට නොහැක.
වසර 17 ක ක්‍රීඩා දිවියේ අවසානට පැමිණි මේ විශිෂ්ඨ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයා අවසන් තරග 5 තුල අසාර්තකත්වයට පත්වීමෙන් ඕස්ට්‍රේලියානු පිල ඉතාමත් අසීරු තත්වයක පත්වුනා. ඔහු අසමත් වූ තරග 5 තුලදී ජයග්‍රහණ වාර්තා කිරීමටත් ඕස්ට්‍රේලියානු පිල පැකිලෙනවා සේ පෙනෙනවා. ඒ අපේ සනා, මුරලි කණ්ඩාමයට අහිමි වූ විට අප කණ්ඩායම මුහුණපෑ තත්වයට සමාන තත්වයක්ද වනවා.
අවසන් එක්දින තරඟ 5 අසමත් වුවත් පොංටින්ගේ ශාරීරික යෝග්‍යතාව එලෙසම පවතින බව අප කාටත් පෙනී යන්නේ ඔහු තාමත් තරුණ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන්ටත් වඩා පන්දු රැකීමේදී දක්වන දක්ෂතා නිසයි. පොන්ටින් තවමත් නිරැවදිවම පන්දු රැකීමට හා පන්දුව කඩුලු වෙත එල්ල කිරීමේ අති දක්ෂයෙක්.
එහෙත් වයස හා තවත් කරුණු සැලකිල්ලට ගෙන ඔහුව ඉවත් කිරීමටම මග බලා සිටි ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩලය ඔහුට ඉවත් වීටම එක් තරඟයක් හෝ නොදී ඔහුව කපා හැරීමෙන් ඔහුට ලැබිය යුතු ගෞරවය දීමට අනෙක් කණ්ඩායම් වලට නොහැකි වන එක කණගාටුවට කරුණක්.
මා වැඩියෙන්ම අකමැති ( හැමවිටම අප කණ්ඩායමත් සමග කරට කර ලකුණු ගන්නා හා ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග වලින් ලංකා කණ්ඩායමේ වැඩිම පරාජයන් වලට වගකිවයුතු) එහෙත් ඊට නොදෙවනි ගෞරවයක් ඇති, වසර ගණනාවක් එක්දින පිටිය වර්ණවත් කල මේ ක්‍රීඩකයාට ඉතින් එක්දින පිටියෙන් අයුබෝවන්!
ඔබව අපට අමතක නොවනු ඇත.
- Follow Us on Twitter!
- "Join Us on Facebook!
- RSS
Contact